011 2430860-78 deegawapiyaaruna@gmail.com

පුවත් එකතුව

පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය වැඳපුදා ගැනීමට බැතිමතුන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට

සැප්තැම්බර්   11,   2023

දීඝවාපිය මහසෑ රදුන්ගේ සර්වඥ ධාතුන්වහන්සේලා සහ චූඩා මාණික්‍ය වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් ඊයේ (සැප්තැම්බර් 10) බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ සිටියහ. ලක්වැසි සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම සර්වඥ ධාතුන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ විය.


දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය බෙල්ලන්විල රජ මහා විහාරයට වැඩම කරවයි

සැප්තැම්බර්   09,   2023

බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා පනාගොඩ බෝධිරාජාරාමයේ තැන්පත් කර තිබු දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය අද දින (සැප් 9) බෙල්ලන්විල රජ මහා විහාරයට වැඩම කරවන ලදි.


දීඝවාපිය සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට වැඩම කරවයි

සැප්තැම්බර්   05,   2023

සර්වඥ ධාතූන් වහන්සේලා හා චූඩා මාණික්‍යය වැඩ සිටින රන්සිවිගෙය රැගත් පෙරහැර අඟහරුවාදා (සැප්තැම්බර් 05) කොළඹ, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට වැඩම කෙරේ.


දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා කොළඹ ගංගාරාම විහාරස්ථානයට වැඩම කරවයි

සැප්තැම්බර්   04,   2023

කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබු දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමානය සඳහා විචිත්‍රවත් පෙරහැරකින් ඊයේ (සැප් 03) ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලදි.


දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැප්තැම්බර් 03 වැනිදා බැතිමතුන්ගේ වන්දනාව සඳහා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරේ

සැප්තැම්බර්   01,   2023

දැනට කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන සඳහා අවස්ථාව ලබා දීමේ අරමුණින් ආගමික පෙරහැරකින් දිවයින පුරා වැඩම කරවීමට නියමිතය.


දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය වැඳපුදා ගැනීමට සැදැහැවතුන් දහස් ගණනින් කැළණි විහාරයට

අගෝස්තු   31,   2023

දීඝවාපිය මහසෑ රදුන්ගේ සර්වඥ ධාතුන්වහන්සේලා සහ චුඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් කැළණිය රජමහා විහාරයෙන් පසුගියදා ආරම්භ වූ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශනයට ඊයේ (අගෝස්තු 30) නිකිණි පොහොය දිනයේ දී දහස් ගණනින් සැදැහැවතුන් කැළණියට එක්රැස්ව වන්දනාමාන කර ගන්නා ලදි.


දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශණය කැලණිය රජ මහා විහාරයෙන් ඇරඹේ

අගෝස්තු   29,   2023

දීඝවාපිය සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා හා චූඩා මාණික්‍යය දිවයින පුරා මහජන වන්දනාමාන සඳහා වැඩම කරවීම ආගමික ආශිර්වාද මධ්‍යයේ කැලණිය රජ මහා විහාරස්ථානයේදී අද (අගෝස්තු 29) ආරම්භ විය.


“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා”

අගෝස්තු   25,   2023

ලක්වැසි සැදැහැවත් ජනතාවට දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ 2023 අගෝස්තු මස 29 දින පස්වරු 04.00 ට කැළණි රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට නියමිතයි.


"දීඝවාපියට ගඩොලක්"

අගෝස්තු   15,   2023


දීඝවාපියට ගඩොලක්

අගෝස්තු   03,   2023

බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු පා පහස ලත් උත්තුංග මහා පුණ්‍ය භුමියේ වැඩසිටිනා දීඝවාපි මහා සැ රදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.