අගෝස්තු 29, 2023
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශණය කැලණිය රජ මහා විහාරයෙන් ඇරඹේ
දීඝවාපිය සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා හා චූඩා මාණික්‍යය දිවයින පුරා මහජන වන්දනාමාන සඳහා වැඩම කරවීම ආගමික ආශිර්වාද මධ්‍යයේ කැලණිය රජ මහා විහාරස්ථානයේදී අද (අගෝස්තු 29) ආරම්භ විය.
"දීඝවාපිය අරුණභාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු මෙන්ම වත්මන් ආරක්ෂක ලේකම්වරයා ද වන ජෙනරල් කමල් ගුණරත්නගේ ආරාධනයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
දින 150ක් පුරාවට පැවැත්වීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භය කැලණිය රජ මහා විහාර පරිශ්‍රයේදී විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් ආරම්භ වූ එය විචිත්‍රවත් පෙරහැරකින්ද සමන්විත විය.
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා හා මැණික් ගල් 2800 ක් ඔබ්බවා නිමකර ඇති චූඩා මාණික්‍යය බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අගෝස්තු 29 සිට සැප්තැම්බර් 03 දක්වා කැළණිය රජ මහා විහාරයේදී ප්‍රදර්ශනය කරනු ඇත.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මෙහිදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂක ඇමති වශයෙන් මෙම සත්කාරය සඳහා දැක්වූ සහයෝගය ගෞරව පූර්වකව සිහිපත් කරන ලදි .
නා උයන විහාරාධිකාරි නා උයන පාරමිතා අසපුවේ පූජ්‍ය නා උයන අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ, දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති මහඔය සෝභිත ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාණ ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේලා විසින් මෙහිදී ආගමික වතාවත් සිදු කරන ලදි.
යුධ හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල, , ආරක්ෂක අමාත්‍යාංශ කාර්යමණ්ඩලය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය හා හමුදා නිලධාරීන් මෙන්ම මෙම පූජනීය කර්තව්‍යය සඳහා දායකත්වය දක්වන ආතර් සේනනායක මහතා ඇතුළු බැතිමතුන් විශාල පිරිසක්ද මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා පැමිණ සිටියහ.