සැප්තැම්බර් 19, 2023
දීඝවාපි සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය ආරක්ෂක අමාත්‍යාංශයට වැඩම කරවයි
- ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය වැඳ පුදා ගනී
දීඝවාපිය පුදබිමෙන් සොයා ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම දීඝවාපී මහා සෑයේ පැලඳවීමට නියමිත චූඩා මාණික්‍යය අද දින (සැප් 19) ආගමික පෙරහැරකින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත වැඩම කරවීය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි මෙම පුජනිය වස්තුන් රැගත් ආගමික පෙරහැර පිළිගන්නා ලදි.
මෙහිදී ආරක්ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය වැඳ පුදා ගත්හ.
ආරක්ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට වන්දනාමාන කර කුසල් උපදවා ගැනීමේ දුර්ලභ අවස්ථාව උදාකර දීමේ අරමුණින් මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය ආරක්ෂක අමාත්‍යාංශය වෙත වැඩම කරවීය.
අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද දින මෙම ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය සියැසින් දැක වැඳ පුදා ගත් අතර, දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා නොමසුරුව තම මුල්‍ය දායකත්වය ලබාදීමටද කටයුතු කලහ.