පුවත් එකතුව
පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික රුහුණු පුරවරයට
නොවැම්බර් 14, 2023
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මේ වනවිට රුහුණු පුරවරය ආවරණය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන වෙත වැඩම කරවමින් සිටී.

“දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” මාතර පුරවරයට
ඔක්තෝම්බර් 31, 2023
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” අද (ඔක්. 31) ගැටබරු රජමහා විහාරය වෙත වැඩම කරවන ලදි.

‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කෙරේ
ඔක්තෝම්බර් 27, 2023
‘දීඝවාපිය’ සහ ‘නීලගිරි මහ සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක් 26 ) දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.

දීඝවාපි සෑ රදුන් පිළිබඳව සැකසුණු වාර්තා වැඩසටහන
ආරක්‍ෂක ලේකම්වරයාට ප්‍රදානය කරයි
ඔක්තෝම්බර් 19, 2023
දීඝවාපිය මහ සෑ රඳුන් පිළිබඳව ‘සඳ’ රූපවාහිනි ආයතනය මගින් සැකසුණු වාර්තා වැඩසටහනක් එම ආයතනයේ සභාපති නිහාල් මායාදුන්නේ මහතා විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත බදාදා (ඔක් 18) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.



දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” දකුණු ලක දී ප්‍රදර්ශනය තවදුරටත්
ඔක්තෝම්බර් 02, 2023
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීම සඳහා අද දින (ඔක් 02) අලුත්ගම කන්දේ විහාරයේ දී ප්‍රදර්ශණය කරනු ලබන අතර, විචිත්‍රවත් පෙරහැරකින් හෙට (ඔක් 03) වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.

“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” දකුණු ලකට
සැප්තැම්බර් 22, 2023
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සැප්තැම්බර් 22 දින කළුතර බෝධින් වහන්සේ අභියසට වැඩම කරවන ලදි.

දීඝවාපි සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය ආරක්‍ෂක අමාත්‍යාංශයට වැඩම කරවයි
සැප්තැම්බර් 19, 2023
දීඝවාපිය පුදබිමෙන් සොයා ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා මෙන්ම දීඝවාපී මහා සෑයේ පැලඳවීමට නියමිත චූඩා මාණික්‍යය අද දින (සැප් 19) ආගමික පෙරහැරකින් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත වැඩම කරවීය.

දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය වැඳපුදා ගැනීමට පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනට විශාල පිරිසක්
සැප්තැම්බර් 13, 2023
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (සැප් 12) සවස පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් මහා විහාරයේදී දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය වැඳපුදා ගත්තේය.