011 2430860-78 deegawapiyaaruna@gmail.com

පුවත් එකතුව

පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’ රුපියල් මිලියන 4 ක පරිත්‍යාගයක්

නොවැම්බර්   17,   2023

දීඝවාපිය මහාසෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 4 ක මුදල් පරිත්‍යාගයක් අද දින (නොවැ 17 ) චන්ද්‍රා සිල්වා මැතිණිය විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න වෙත භාරදීම සිදුවිය.


ප්‍රතිසංස්කරණය කරන ලද ‘දීඝවාපිය’ චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත චූඩාමාණික්‍යය හා සර්වඥ ධාතුන් වහන්සේලා බෙලිඅත්ත ප්‍රදේශයට වැඩම කෙරේ

නොවැම්බර්   15,   2023

දිඝවාපිය චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත වුඩාමාණික්‍යය සහ සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් ජංගම රිය පෙරහැර පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින හම්බන්තොට ප්‍රදේශයට වැඩම කරවනු ලැබීය.


'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ‍ඓතිහාසික රුහුණු පුරවරයට

නොවැම්බර්   14,   2023

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මේ වනවිට රුහුණු පුරවරය ආවරණය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන වෙත වැඩම කරවමින් සිටී.


“දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” මාතර පුරවරයට

ඔක්තෝම්බර්   31,   2023

දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” අද (ඔක්. 31) ගැටබරු රජමහා විහාරය වෙත වැඩම කරවන ලදි.


‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ඔක්තෝම්බර්   27,   2023

‘දීඝවාපිය’ සහ ‘නීලගිරි මහ සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක් 26 ) දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.


දීඝවාපි සෑ රදුන් පිළිබඳව සැකසුණු වාර්තා වැඩසටහන
ආරක්‍ෂක ලේකම්වරයාට ප්‍රදානය කරයි

ඔක්තෝම්බර්   19,   2023

දීඝවාපිය මහ සෑ රඳුන් පිළිබඳව ‘සඳ’ රූපවාහිනි ආයතනය මගින් සැකසුණු වාර්තා වැඩසටහනක් එම ආයතනයේ සභාපති නිහාල් මායාදුන්නේ මහතා විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත බදාදා (ඔක් 18) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.


යළි දකිමු දීඝවාපිය

ඔක්තෝම්බර්   18,   2023


යළි දකිමු දීඝවාපිය

ඔක්තෝම්බර්   18,   2023


දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” දකුණු ලක දී ප්‍රදර්ශනය තවදුරටත්

ඔක්තෝම්බර්   02,   2023

දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීම සඳහා අද දින (ඔක් 02) අලුත්ගම කන්දේ විහාරයේ දී ප්‍රදර්ශණය කරනු ලබන අතර, විචිත්‍රවත් පෙරහැරකින් හෙට (ඔක් 03) වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.


“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” දකුණු ලකට

සැප්තැම්බර්   22,   2023

දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සැප්තැම්බර් 22 දින කළුතර බෝධින් වහන්සේ අභියසට වැඩම කරවන ලදි.