011 2430860-78 deegawapiyaaruna@gmail.com

පුවත් එකතුව

පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

දීඝවාපිය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව ඉදිරියට

සැප්තැම්බර්   01,   2025

බෞද්ධ ජනතාව විසින් වන්දනාමාන කරනු ලබන සොළොස්මස්ථාන අතුරින් වැදගත් ස්ථානයක් වු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ දිවයිනේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත.


දීඝවාපිය හා නීලගිරිය ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරේ

අගෝස්තු   15,   2025

දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු වන ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි, දීඝවාපිය හා නීලගිරිය මහ සෑ රඳුන් වහන්සේලාගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විමසා බැලීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පසුගියදා (අගෝ.13 දින) එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, ඊට සමගාමීව ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ සාකච්ඡාවක් අම්පාර දීඝවාපිය පුදබිමේදී පවත්වන ලදි.


දීඝවාපිය සෑයේ වත්මන් ප්‍රගතිය/ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ
කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

ජනවාරී   22,   2025

‘දීඝවාපි’ සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙහි වත්මන් ප්‍රගතිය/ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එහි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ජන. 21) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.


දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට

නොවැම්බර්   10,   2024

දීඝවාපි මහා සෑ රඳුන්ගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අද (නොවැ. 09) දින ඓතිහාසික දීඝවාපිය පුදබිමෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


නව ආරක්‍ෂක ලේකම් දීඝවාපි ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු ලෙස කටයුතු කරයි

ඔක්තෝම්බර්   10,   2024

දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු “දීඝවාපිය අරුණ භාරය” ලෙස වත්මන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) 2024 සැප් 23 දින සිට රාජකාරීන් ආරම්භ කරන ලදි.


ලංකා පිඟන් සංස්ථාව ‘දීඝවාපිය භාරකාර අරමුදල’ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

අගෝස්තු   23,   2024

දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවලදි අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය (පස්) සැපයීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ලංකා පිඟන් සංස්ථාවේ සභාපතිවරයා සහ ‘දීඝවාපිය භාරකාර අරමුදල’ අතර පසුගියදා (අගෝස්තු 16) අත්සන් කරන ලදි.


ගරුතර සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය සෑ රඳුන්ගේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කෙරේ

ජුලි   14,   2024

SInhala.


දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන ජූලි 14 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ජුලි   10,   2024

දීඝවාපි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල තවත් එක් අදියරක් ලෙස එහි ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම වර්ෂ 2024 ක් වූ ජූලි මස 14 වන දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර ඇත.


දීඝවාපි මහා දාගැබෙහි තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු රැගත් රථ පෙළ ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරයෙන් පිටත්වේ

ජුලි   07,   2024

දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා, සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රථ පෙළ ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ගිරිතලේ ශ්‍රී ඉසුරුසුමන විහාරයෙන් අද (ජූලි 07) දින උදෑසන ගමන් ආරම්භ කරන ලදී.


දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයේ පෙර සූදානම ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

ජුලි   06,   2024

දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිදන් වස්තූන් තැන්පත් කිරීමේ මහෝත්සවය සම්බන්ධයෙන් වන පුර්ව සුදානම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, අද (ජූලි 06) දින ඓතිහාසික දීඝවාපිය පුදබිමෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.