පුවත් එකතුව
පලකරන ලද පුවත් සියල්ල නරඹන්න
දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
මාර්තු 25, 2022
ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධානී ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් අද (මාර්තු 25) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
දීඝවාපිය අරමුදල වෙත තවත් පරිත්‍යාගයක්
මාර්තු 16, 2022
දීඝවාපිය මහ සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා පිහිටවනු ලැබූ "දීඝවාපිය භාරකාර අරමුදල" සදහා රුපියල් මිලියන 2ක ආධාරයක්, චන්ද්‍රා ද සිල්වා මහත්මිය විසින් අද (මාර්තු 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ලබාදෙන ලදී.
ඓතිහාසික දීඝවාපි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කෙරේ
මාර්තු 06, 2022
ඓතිහාසික දීඝවාපි මහා සෑ ගර්භය තුල සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 06) දින සිදුකරන ලදී.
දීඝවාපි සෑයේ සර්වඥ ධාතූන් වහන්සේ සහිත පෙරහැර අද ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටත් විය
මාර්තු 02, 2022
දීඝවාපි සෑයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා සහ කොත් වහන්සේ රැගත් පෙරහැර අද (මාර්තු 02) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ, කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් පිටත් විය.
දීඝවාපිය සර්වඥ ධාතූන් වහන්සේ විහාරස්ථාන 'ධාතු මන්දිරයේ' තැන්පත් කෙරේ
ජනවාරී 17, 2022
දීඝවාපිය ස්ථූප භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලදී සොයාගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේලා මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේ විශේෂයෙන් ඉදිකරන ලද “ධාතු මන්දිරය” තුළ අද (ජනවාරි 17) දින තැන්පත් කරන ලදී.
දීඝවාපිය ධාතූන් වහන්සේ පොහොය දින පුජා භූමියට වැඩම කෙරේ
ජනවාරී 12, 2022
දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ කැණීම් වලදී මෑතකදී සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේ රැගත් ආගමික පෙරහැරක් 2022 ජනවාරි 17 පොහෝ දින අම්පාර දිසාපති කාර්යාලයේ සිට දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයට පැමිණීමට නියමිතය.
‘දීඝවාපිය අරුණ’ අරමුදලට රුපියල් මිලියන 1.5 ක පරිත්‍යාගයක්
ජනවාරී 06, 2022
'දීඝවාපිය අරුණ' අරමුදල සඳහා රුපියල් මිලියන 1.5ක පරිත්‍යාගයක් මහාචාර්ය ගාමික ප්‍රතාපසිංහ මහතා විසින් අද (ජනවාරි 06) දින ලබා දෙන ලදී.
නැගෙනහිර පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු පත් කෙරේ
නොවැම්බර් 30, 2021
නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නව සාමාජිකයින් තිදෙනෙකු ඊයේ (2021 නොවැම්බර් 29) දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇත.
දීඝවාපි පුදබිමේ ඉදිවන විශ්‍රාම ශාලාව සඳහා ආරක්‍ෂක ලේකම් මුල්ගල තබයි
ඔක්තෝම්බර් 15, 2021
දීඝවාපිය රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත විශ්‍රාම ශාලාව සඳහා මුල්ගල තැබීම නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් අද (ජූලි 15) දින සිදුකරන ලදී.
