පුවත් එකතුව
පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණය කටයුතුවල දෙවන අදියර ආරම්භ වේ
ජුලි 11, 2023
දීඝවාපිය අරුණ භාරයේ භාරකාර කතෘ සහ පළමුවන භාරකරු ජෙනරල් කමල් ගුණරත්න විසින් සංකේතාත්මක ස්තූප ගඩොලක් තැන්පත් කරමින් දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවන අදියර ජූලි 10 වන දින දීඝවාපිය පරිශ්‍රයේ දී ආරම්භ කරන ලදි.

දීඝවාපිය සෑයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කෙරේ
ජුනි 17, 2023
‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජුනි 16) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දීඝවාපිය භාරකාර අරමුදල සමඟ ලංකා සෙරමික් සංස්ථාව අවබෝධතා ගිවිසුම අත්සන් කරයි
මාර්තු 08, 2023
දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා අත්‍යාවශ්‍යතාවයක්වන ස්තූප ගඩොල් නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් යුත් පස් පිඟන් සංස්ථාව සතු එරගම භූමියෙන් නොමිලේ ලබා දීම සම්බන්ධව, වර්ෂ 2023.03.07 වන දින, ලංකා පිඟන් සංස්ථාවේ වත්මන් සභාපති රුවන් මුණසිංහ මහතා හා භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.

දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විද්වත් මණ්ඩලය රැස්වේ
මාර්තු 03, 2023
දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ විද්වත් මණ්ඩලය පසුගියදා (පෙබ 24) ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) ශ්‍රවණාගාරයේදී රැස් වූ අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචනය කරන ලදි.

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’ පරිත්‍යාගයක්
නොවැම්බර් 09, 2022
ප්‍රදීප් විජේවර්ධන මහතාගේ පවුලේ අය විසින් දීඝවාපිය භාරකාර අරමුදල වෙත රුපියල් 200,000.00 ක මුදලක් අද (නොවැ 09) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිත්‍යාග කරන ලදී.

දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්ෂණයට
ඔක්තෝම්බර් 20, 2022
දීඝවාපි පුදබිම වෙත පැමිණි ජෙනරල් ගුණරත්න, දීඝවාපිය රජ මහා විහාරාධිපති පුජ්‍ය මහඔය සෝභිත හිමි ඇතුළු මහා සංඝ රත්නය හමුවී ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව දීඝවාපි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කරන ලදි.


දීඝවාපිය භාරකාර අරමුදල වෙත තවත් පරිත්‍යාගයක්
මැයි 17, 2022
දීඝවාපිය භාරකාර අරමුදල සඳහා රුපියල් 190,000.00 ක මුදලක් මාපලගම මහතා සහ එම මහත්මිය විසින් අද (මැයි 17) ආරක්ෂක අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදී.

දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
මාර්තු 25, 2022
ආරක්‍ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධානී ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් අද (මාර්තු 25) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
දීඝවාපිය අරමුදල වෙත තවත් පරිත්‍යාගයක්
මාර්තු 16, 2022
දීඝවාපිය මහ සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා පිහිටවනු ලැබූ "දීඝවාපිය භාරකාර අරමුදල" සදහා රුපියල් මිලියන 2ක ආධාරයක්, චන්ද්‍රා ද සිල්වා මහත්මිය විසින් අද (මාර්තු 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ලබාදෙන ලදී.