පුවත් එකතුව
පලකරන ලද පුවත් සියල්ල නරඹන්න
21 පාබල සේනාංකයයේ භටපිරිස් සර්වඥ ධාතූන් වාහන්සේලා මහත් හරසරින් පිළිගනී
මාර්තු 18, 2024
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ භටපිරිස්, දිවයින පුරා වර්ණවත් පෙරහැරකින් වැඩම කරවන දීඝවාපි චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා 2024 මාර්තු මස 13 දින ගෞරවපුර්වකව හා මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදි.
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්‍ෂණයට
මාර්තු 05, 2024
අම්පාර, ඓතිහාසික දීඝවාපි මහ සෑ රදුන්ගේ සහ දීඝවාපි පුදබිමේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අධීක්‍ෂණය කර නිසි උපදෙස් ලබාදීම සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ විද්වත් සාමාජිකයින් කිහිප දෙනෙකු මාර්තු 03 හා 04 යන දිනයන්හි එහි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත විය.
'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඇතුගල් පුරවරයට
පෙබරවාරි 15, 2024
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිද්ධස්ථාන වෙත වැඩම කෙරේ.
දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා මිනුවන්ගොඩ රජමහා විහාරයේ දී ප්‍රදර්ශනයට
ජනවාරී 23, 2024
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා අද (ජන. 23) දින උදෑසන මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවන ලද අතර, එළඹෙන 25 දින උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් වෙතින් දීඝවාපි භාරකාර අරමුදලට රුපියල් මිලියනයක පරිත්‍යාගයක් හා දීඝවාපිය පුදබිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක
ජනවාරී 17, 2024
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (ජනවාරි 16) දීඝවාපිය සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන දීඝවාපිය පුදබිමේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වීය.
‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ප්‍රදර්ශනය තවදුරටත්
ජනවාරී 16, 2024
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා අද දින (ජන. 16) උදෑසන යක්කල අබේසේකරාරාමය වෙත වැඩම කරවීමට නියමිත අතර, එදින සිට 18 දින උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.
නව වසරට ආශිර්වාද පතමින් “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සබරගමුවේ තවදුරටත්
දෙසැම්බර් 29, 2023
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකෙරෙනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සබරගමු පුරවරයට ආශිර්වාද ගෙන දෙමින් දෙසැම්බර් 31 වන දින දැරණියගල ශ්‍රී සුමනාරාමය වෙත වැඩම කරවනු ඇත.
“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත වැඩම කරවයි
දෙසැම්බර් 22, 2023
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත දෙසැම්බර් මස 24 වෙනි ඉරු දින වැඩම කරවිමට නියමිතය.
රුවන්පුර ජනතාවට දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා කිරීමේ භාග්‍යය තවදුරටත්
දෙසැම්බර් 14, 2023
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” මෙම සෙනසුරාදා (දෙසැ. 16) දින උදැසන කහවත්ත පුරාණ රජ මහා විහාරයට වැඩම කරවීමට නියමිතය.
“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රුවන්පුරයට
දෙසැම්බර් 05, 2023
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මේ වනවිට රුවන්පුරය ආවරණය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන වෙත වැඩම කරවමින් සිටී.
