පුවත් එකතුව
පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැඩම කරවයි
මැයි 16, 2024
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැඩම කරවන ලදි.

'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා ප්‍රදර්ශනය' පුලතිසි පුරවරයේදී තවදුරටත්
මැයි 06, 2024
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා මේ වන විට ගිරිතලේ ජයන්තිපුර විහාරයේ තැන්පත් කොට තිබෙන අතර, හෙට දින (මැයි 07) උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.

'දීඝවාපිය සෑයේ ධාතු ගර්භයේ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීම පිලිබඳ සැලසුම් කෙරේ'
මැයි 04, 2024
‘දීඝවාපි’ සෑ රදුන්ගේ ධාතු ගර්භයෙහි ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීම පිලිබඳ සාකච්ඡාවක් එහි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (මැයි 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

තායිවාන ජාතිකයෙකුගෙන් ‘දීඝවාපිය භාරකාර අරමුදලට’ මුදල් පරිත්‍යාගයක්
අප්‍රේල් 19, 2024
තායිවාන ජාතික LU,SU-FENG මැතිනිය අද (අප්‍රේල් 19) දින ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55) ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර ඇත.
'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ත්‍රිකුණාමල පුරවරය වෙත වැඩම කරවයි
අප්‍රේල් 08, 2024
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා එම සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් බෞද්ධ ජනතාවගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” මේ වනවිට ඓතිහාසික අනුරාධපුර පුජා නගරය ආශ්‍රිතව ප්‍රදර්ශනය කරනු ලබයි.

‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික අනුරාධපුර නගරයේ තවත් ප්‍රදේශ කිහිපයකට වැඩම කරවයි
අප්‍රේල් 02, 2024
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික අනුරාධපුර පුජා නගරය වෙත වැඩම කරවන ලදි.

ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්‍ෂණය කෙරේ
මාර්තු 20, 2024
අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, අද (මාර්තු 20) එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට
මාර්තු 18, 2024
දීඝවාපිය මහසෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් පසුගිය වසරේ අගෝස්තු 30 කැළණිය රජමහා විහාරයෙන් ආරම්භ වූ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය තවදුරත් ක්‍රියාත්මක වේ.

21 පාබල සේනාංකයයේ භටපිරිස් සර්වඥ ධාතූන් වාහන්සේලා මහත් හරසරින් පිළිගනී
මාර්තු 18, 2024
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ භටපිරිස්, දිවයින පුරා වර්ණවත් පෙරහැරකින් වැඩම කරවන දීඝවාපි චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා 2024 මාර්තු මස 13 දින ගෞරවපුර්වකව හා මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදි.

දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්‍ෂණයට
මාර්තු 05, 2024
අම්පාර, ඓතිහාසික දීඝවාපි මහ සෑ රදුන්ගේ සහ දීඝවාපි පුදබිමේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අධීක්‍ෂණය කර නිසි උපදෙස් ලබාදීම සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ විද්වත් සාමාජිකයින් කිහිප දෙනෙකු මාර්තු 03 හා 04 යන දිනයන්හි එහි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත විය.