නොවැම්බර් 09, 2022
‘දීඝවාපිය භාරකාර අරමුදලට ’ පරිත්‍යාගයක්
ප්‍රදීප් විජේවර්ධන මහතාගේ පවුලේ අය විසින් දීඝවාපිය භාරකාර අරමුදල වෙත රුපියල් 200,000.00 ක මුදලක් අද (නොවැ 09) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පරිත්‍යාග කරන ලදී.
ඒ අනුව, සකුන්තලා කෝදාගොඩ (බිරිඳ) මහත්මිය සහ ඔවුන්ගේ ආදරණීය පුත් ක්‍රිස් විජේවර්ධන මහතා විසින් දීඝවාපි අරුණ භාරයේ භාරකාර කතෘ සහ භාරකාර මණ්ඩලයේ සභාපති වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න වෙත මෙම පරිත්‍යාගය ලබා දෙන ලදී.
දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණය කිරීමට දායක වී සිටින විජේවර්ධන පවුල මීට පෙර මෙම වසරේ සැප්තැම්බර් මස 27 වන දින රුපියල් ලක්ෂයක මුදලක් මෙම උදාර කාර්යය සඳහා පරිත්‍යාග කරන ලදී.
දීඝවාපිය පුදබිම බුදුරජාණන් වහන්සේ වැඩම කර ඇති සොළොස්මස්ථාන වලට අයත් පූජනීය ස්ථානයකි.
ජෙනරල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවල මේ වන විට බොහෝ ප්‍රගතියක් දක්නට ඇත. මේ සඳහා අරමුදල් සපයනු ලබන්නේ ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ හරහා දානපතියන්ගේ නොමසුරු ආධාර මතය.
සලපතල මළුව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති අතර, විශ්‍රාම ශාලාව ඉදිකිරීම සහ උද්‍යාන අලංකරණය සඳහා පුදබිම් පරිශ්‍රය තුළ සල් පැළ සිටුවීමද සිදුකෙරේ.
දීඝවාපිය සෑයේ පැරණි ශ්‍රී විභූතිය සිය පියවි ඇසින් දැක බලාගැනීමට දායකවීමට කැමති අයවළුන්ට පරිත්‍යාග ලබාදීම සඳහා www.deegawapiya.lk දීඝවාපිය වෙබ් අඩවිය හරහා විස්තර ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා deegawapiyaaruna@gmail.com හෝ 011 2430860-78ඇමතීමෙන් ලබාගත හැකිය.