මාර්තු 08, 2023
දීඝවාපිය භාරකාර අරමුදල සමඟ ලංකා සෙරමික් සංස්ථාව අවබෝධතා ගිවිසුම අත්සන් කරයි
දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමෙහිලා අත්යාවශ්යතාවයක්වන ස්තූප ගඩොල් නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් යුත් පස් පිඟන් සංස්ථාව සතු එරගම භූමියෙන් නොමිලේ ලබා දීම සම්බන්ධව, වර්ෂ 2023.03.07 වන දින, ලංකා පිඟන් සංස්ථාවේ වත්මන් සභාපති රුවන් මුණසිංහ මහතා හා භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.
දීඝවාපිය චෛත්‍ය ඉදිකිරීම ජාතික හා පූජනීය කර්තව්‍යයක් ලෙස සලකා මෙම මහගු පුණ්‍ය කර්මයට දායකත්වය ලබා දීමට ඉදිරි පත් වූ බව පිගන් සංස්ථාවේ සභාපති රුවන් මුණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.මෙම ඓතිහාසික අවස්ථාවට ලංකා පිඟන් සංස්ථාවේ පරිපාන නිලධාරී පී එච් දිනේෂ් සංජීව මහතාද එක්විය.