ඔක්තෝම්බර් 20, 2022
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට
දීඝවාපි අරුණ භාරයේ භාරකාර කතෘ සහ භාරකාර මණ්ඩලයේ සභපති වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න අද (ඔක්තෝම්බර් 20) අම්පාර ඓතිහාසික දීඝවාපි පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
දීඝවාපි පුදබිම වෙත පැමිණි ජෙනරල් ගුණරත්න, දීඝවාපිය රජ මහා විහාරාධිපති පුජ්‍ය මහඔය සෝභිත හිමි ඇතුළු මහා සංඝ රත්නය හමුවී ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව දීඝවාපි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කරන ලදි.
ලබන වසරේ අග වනවිට චෛත්‍යයේ ඉදිකිරීමේ කටයුතු සම්පුර්ණ කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ව්‍යාපෘතිය භාර නිලධාරීන් වෙත ආරක්ෂක ලේකම් මෙහිදී උපදෙස් ලබාදෙන ලදි. මේ සඳහා ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට බඳුන්විය.
අනතුරුව, බැතිමතුන් සඳහා විවේක ගැනීමට ඉදිකරනු ලබන මෙම විශ්‍රාම ශාලාව, යෝජිත දාන ශාලාව, පැළ සිටුවීම සහ භූමි අලංකරණ කටයුතු පිළිබඳව ද සොයාබලන ලදි.
මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), ප්‍රාදේශිය ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් ද සහභාගී වුහ.