ජුලි 11, 2023
දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණය කටයුතුවල දෙවන අදියර ආරම්භ වේ
- දෙවන අදියර ආරම්භය දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පුරෝගාමියා වන ජෙනරල් ගුණරත්නගේ මූලිකත්වයෙන්
දීඝවාපිය අරුණ භාරයේ භාරකාර කතෘ සහ පළමුවන භාරකරු ජෙනරල් කමල් ගුණරත්න විසින් සංකේතාත්මක ස්තූප ගඩොලක් තැන්පත් කරමින් දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවන අදියර ජූලි 10 වන දින දීඝවාපිය පරිශ්‍රයේ දී ආරම්භ කරන ලදි.
සමස්ත ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම එහි පුරෝගාමියා වූ ජෙනරල් ගුණරත්න දීඝවාපිය රජ මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අතර අනතුරුව ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් කෙටි සාකච්ඡාවක් ද පැවැත්විණි.
දෙවන අදියර සඳහා දින තුනක් පුරා පැවති පෙර සුදානම් කටයුතුවලදී පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ඇතුළුව පූජනීය ඉදිකිරීමට සම්බන්ධ විවිධ චාරිත්‍ර වාරිත්‍ර 10 වන සඳුදා අලුයම අවසන් වූ අතර ඉන් අනතුරුව මහා සංඝරත්නය වෙත දානය පිරිනැමීම සිදුවිය.
ජෙනරල් ගුණරත්න ප්රමුඛ දූත පිරිස සිය සංචාරයේදී එම ස්ථානයේ පරිවාර ඉදිකිරීම් සමාලෝචනය කළ අතර, ශීඝ්‍රයෙන් ඉදිකරමින් පවතින බුද්ධ මන්දිරය සහ ධාතු මන්දිරය කෙරෙහි අවධානය යොමු කළහ.
සමස්ත ක්‍රියාවලියට අරමුදල් සපයනු ලබන්නේ දානපතියන්ගේ නොමසුරු සහය ඇති 'දීඝවාපිය අරුණ භාරය' අරමුදල මගිනි. දීඝවාපි සෑයේ අතීත ශ්‍රී විභූතිය පියවි ඇසින් දැක බලා ගැනීමටත්, නොමසුරුව ආධාර ලබාදීමටත් සැදැහැවතුන්ට දීඝවාපිය වෙබ් අඩවිය වන www.deegawapiya.lk, deegawapiyaaruna@gmail.com හරහා හෝ 011 2430860-78 අංකයෙන් විස්තර ලබා ගත හැක.
දීඝවාපිය වැඩසටහන අවසන් කිරීමෙන් අනතුරුව, අද වන විට බිම් මට්ටමේ සිට අඩි 41ක් දක්වා උසට ඉදිකර ඇති ‘නීලගිරි මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව ද නියෝජිත පිරිස සොයා බලන ලදි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ අදාළ රාජ්‍ය ආයතනවල අධීක්ෂණය යටතේ අදාළ පුදබිම්වල පෞරාණික වටිනාකම සහ පැරණි ශ්‍රී විභූතිය ආරක්ෂා කරමින් මෙම ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
නැගෙනහිර පළාතේ පිරිවෙන් අධ්‍යාපන සහකාර සම්බන්ධීකරණ අධ්යක්ෂ කිරිඳිවැල ශ්‍රී සෝමරතන හිමි සහ පොතුබඳන රජමහා විහාරාධිපති මහඔය ජිනරතන හිමි ප්රමුඛ මහා සංඝරත්නය, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, අතිරේක අධ්යක්ෂ ජනරාල් - අධ්‍යයන සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාස්තු විද්‍යා සංරක්ෂණ අධ්යක්ෂ ප්‍රසන්න රත්නායක, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර, ප්‍රාදේශීය සහ අදාළ ව්‍යාපෘති නිලධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.