ජනවාරී 16, 2024
‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ප්‍රදර්ශනය තවදුරටත්
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා අද දින (ජන. 16) උදෑසන යක්කල අබේසේකරාරාමය වෙත වැඩම කරවීමට නියමිත අතර, එදින සිට 18 දින උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.
ඉන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍යය ජන. 18 සිට 20 දක්වා ගම්පහ විද්‍යාවංශ මහා පිරිවෙනේදීත්, ජන. 20 සිට 22 උදැසන දක්වා රද්දොළුගම අමර විහාරයේදීත්, ජන. 22, 23 දෙදින තුල රද්දොළුගම බෝධිරාජාරාමයේදීත්, 23 උදැසන සිට 25 උදැසන දක්වා මිනුවන්ගොඩ රජ මහා විහාරයේදීත් සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරේ.
එම උතුම් පුජනිය වස්තුන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.