දෙසැම්බර් 05, 2023
“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රුවන්පුරයට
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මේ වනවිට රුවන්පුරය ආවරණය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන වෙත වැඩම කරවමින් සිටී.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ දීඝවාපී මහ සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය ප්‍රදර්ශනය 2023 අගෝස්තු මස 30 වන පොහොය දින කැළණිය රජ මහා විහාරයෙන් ආරම්භ කරනු ලැබූ අතර, පුරා දින 150ක කාලයක් දිවයින පුරා බැතිමතුන්ගේ වන්දනාමානයට වැඩම කිරිමට නියමිතයි.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය, දෙසැම්බර් 05 වන දින උදෑසන සිට 07 වන දින උදෑසන දක්වා ඇඹිලිපිටිය, කාවන්තිස්ස රජමහා විහාරයේදීත්, 07 වන දින සිට 10 වන දින උදෑසන දක්වා කොලොන්න, නවනැලිය ශ්‍රී බෝධිරාජාරාමය විහාරයේදීත්, 10 වන දින උදෑසන සිට 13 වන දින උදෑසන දක්වා සංඛපාල විහාරයේදීත්, 13 වන දින උදෑසන සිට 16 වන දින උදෑසන දක්වා ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාර ටැම්පිට විහාරයේදීත් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙන අතර, එය සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත් සැදැහැ සිතැති ලක්වාසී ජනතාවට අවස්ථාව සැලසෙනු ඇත.