මාර්තු 05, 2024
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණයට
අම්පාර, ඓතිහාසික දීඝවාපි මහ සෑ රදුන්ගේ සහ දීඝවාපි පුදබිමේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අධීක්ෂණය කර නිසි උපදෙස් ලබාදීම සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ විද්වත් සාමාජිකයින් කිහිප දෙනෙකු මාර්තු 03 හා 04 යන දිනයන්හි එහි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත විය.
දීඝවාපි ස්ථූප ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය හා එම ඉදිකිරීම් ශක්තිමත් අයුරින් සිදුකිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන් වෙත තාක්ෂණික උපදෙස් ලබාදීම, ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඉදිරි වැඩ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙම අධ්‍යයන චාරිකාවේ දී අවධානය යොමුකරන ලදි.
ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ඉංජිනේරු කපිල පීරිස් මහතා, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉංජිනේරු සංජිව විජේසිංහ මහතා, කර්නල් මොහාන් කුමාර් (විශ්‍රාමික), වාස්තු විද්‍යාඥ ප්‍රසන්න බි. රත්නායක මහතා, සැලසුම් ශිල්පී එච්.එම්.ඒ.අයි. බණ්ඩාර මහතා සහ සංවර්ධන නිලධාරී ඩබ්.එම්.සී. සඳරුවන් යන නිලධාරි මහත්වරු පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථවට සහභාගි විය.