පුවත් එකතුව
පලකරන ලද පුවත් සියල්ල නරඹන්න

දීඝවාපි මහා දාගැබෙහි තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු රැගත් රථ පෙළ කොළඹින් පිටත්වේ
ජුලි 05, 2024
දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සහ නීලගිරි මහා සෑයේ තැන්පත් කිරීමට නියමිත පිළිම වහන්සේලා, සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රථ පෙළ ගරුතර මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයෙන් අද (ජූලි 05) දින උදේ ගමන් ආරම්භ කරන ලදි.

දීඝවාපි මහා දාගැබෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි මස 14 වෙනි දා...
ජුලි 04, 2024
විවිධ ආක්‍රමණ අභිමුව හානියට පත් දීඝවාපි සෑ රඳුන්ගේ තේජමාන ශ්‍රී විභූතිය යලි ප්‍රතිෂ්ඨාපනය කර සම්බුදු සසුනට පිදුම් දෙන මහඟු පුණ්‍යකර්මයේ, දීඝවාපි මහා දාගැබෙහි ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන ජූලි මස 14 වන දින සුභ මුහුර්තියෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇත.

ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයේ පෙරසූදානම පිළිබඳ සමාලෝචනය කෙරේ
ජුනි 24, 2024
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, අද (ජුනි 24) අම්පාර ඓතිහාසික දීඝවාපිය පුදබිමෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිදන් වස්තූන් තැන්පත් කිරීමේ මහෝත්සවය සම්බන්ධයෙන් වන පුර්ව සුදානම පිළිබඳ සාකච්ඡාවක් අද (ජුනි 24) දීඝවාපි පුදබිම් පරිශ්‍රයේදී පැවැත්විණි.

‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ පොසොන් පුර පසළොස්වක පොහෝ දින අනුරාධපුර සඳහිරු සෑ රදුන් අභියස දී ප්‍රදර්ශනය කෙරේ
ජුනි 20, 2024
දීඝවාපිය මහා සෑ රදුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය, ජුනි 21 වන පොසොන් පුර පසළොස්වක පොහෝ දින අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය සඳහා වැඩම කරවීමට නියමිතය.

දීඝවාපි මහා සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන ජූලි 14 දින සිදුකෙරේ
ජුනි 11, 2024
දීඝවාපි මහා සෑ රඳුන්ගේ ධාතු ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිදන් වස්තූන් තැන්පත් කිරීමේ මහෝත්සවය සහ ඊට සමගාමිව ඉදිකෙරෙන ධාතු මන්දිරය, විශ්‍රාම ශාලාව සහ දාන ශාලාව විවෘත කොට සම්බුදු සසුනට පූජා කිරීමේ පුජෝත්සවය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් “දීඝවාපිය අරුණ භාරය” භාරකතෘ සහ පළමුවන භාරකරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අද (ජුනි 11) දින කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්විණ.

දීඝවාපිය සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩාමාණික්‍යය හා සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් පෙරහැර මහනුවරට
ජුනි 04, 2024
දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩාමාණික්‍යය රැගත් පෙරහැර බැතිමතුන් හට වැඳපුදා ගැනීම සඳහා මේ වන විට කටුගස්තොට ශ්‍රී බෝධිමළු විහාරය වෙත වැඩම කර ඇත.

ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්‍ෂණය කෙරේ
මැයි 31, 2024
ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, ඊයේ (මැයි 30) එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’ මූල්‍ය පරිත්‍යාගයක්
මැයි 29, 2024
දීඝවාපිය පුදබිමෙහි සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් දීඝවාපිය භාරකාර අරමුදල වෙත රන්ජන් වල්පොල මහතා සහ රේණුකා වල්පොල මහත්මිය රුපියල් මිලියනයක පරිත්‍යාගයක් ද ක්‍රිෂාන්ති ගුණවර්ධන මහත්මිය කැනේඩියානු ඩොලර් 1000 ක පරිත්‍යාගයක් ද දීඝවාපි අරුණ භාරයේ භාර කතෘ සහ පළමු භාරකරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත අද (මැයි 29) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.

'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික මාතලේ පුරවරයේදී තවදුරටත් ප්‍රදර්ශනය කෙරේ
මැයි 28, 2024
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික මාතලේ පුරවරයට වැඩම කරවන ලදි.

දීඝවාපිය අරමුදල වෙත දානපතිනී චන්ද්‍රා සිල්වා මැතිණියගෙන් තවත් රුපියල් මිලියන 4 ක පරිත්‍යාගයක්
මැයි 16, 2024
දානපතිනී, චන්ද්‍රා සිල්වා මැතිණිය විසින් දීඝවාපිය මහාසෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් නැවතත් රුපියල් මිලියන 4 ක මුදල් පරිත්‍යාගයක් 'දීඝවාපිය භාරකාර අරමුදල' වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය.