ජනවාරී 23, 2024
දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා මිනුවන්ගොඩ රජමහා විහාරයේ දී ප්‍රදර්ශනයට
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා අද (ජන. 23) දින උදෑසන මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවන ලද අතර, එළඹෙන 25 දින උදෑසන දක්වා එම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු සුදානම් කොට ඇත.
ඉන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය ජන. 25 සිට 27 දක්වා කටුවාගොඩ දිවුලපිටිය ශ්‍රී ජෝතිකාරාමයේදීත්, ජන. 27 සිට 29 දක්වා මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරයේදීත්, 29 සිට 31 දක්වා ගිරිඋල්ල මැද්දේපොළ රජමහා විහාරස්ථානයේදීත් සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරේ.
විවිධ ආක්‍රමණ හේතුවෙන් හානියට පත් දීඝවාපිය සෑයේ පැරණි ශ්‍රි විභූතිය ප්‍රතිෂ්ඨාපනය සඳහා දියත් කරන ලද ‘දීඝවාපිය භාරකාර අරමුදල’ දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අරමුණ ඇතිව පවත්වාගෙන යනු ලබයි.
එබැවින් සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමටත්, වන්දනාමාන කර කුසල් උපදවා ගැනීමටත් බැතිමතුන්ට අවස්ථාව ඇති අතර, ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට මූල්‍යමය දායකත්වය ලබාදීමෙන් සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.