ජනවාරී 17, 2024
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් වෙතින් දීඝවාපි භාරකාර අරමුදලට රුපියල් මිලියනයක පරිත්‍යාගයක් හා දීඝවාපිය පුදබිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක
කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (ජනවාරි 16) දීඝවාපිය සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන දීඝවාපිය පුදබිමේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වීය.
ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ගුරුවරුන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්ව සිටියහ.
මෙම සිසුන් පිරිස සත්සිත් ඇතිව දීඝවාපිය සෑය සිදුකෙරන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සදහා ආරම්භ කර ඇති දීඝවාපි භාරකාර අරමුදලට රුපියල් මිලියනයක මුල්‍යමය දායකත්වයද ලබාදෙන ලදි.
විවිධ ආක්‍රමණ හේතුවෙන් හානියට පත් දීඝවාපිය සෑයේ පැරණි ශ්‍රි විභූතිය දැකගැනීම සඳහා දියත් කරන ලද දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේ අරමුණ ඇතිව ‘දීඝවාපිය භාරකාර අරමුදල’ පවත්වාගෙන යනු ලබයි.