ඔක්තෝම්බර් 27, 2023
‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කෙරේ
‘දීඝවාපිය’ සහ ‘නීලගිරි මහ සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක් 26 ) දින ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.
ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය, ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය, ශ්‍රම දායකත්වය, මුල්‍ය ප්‍රතිපාදන, පරිපාලන කටයුතු සහ අධීක්ෂණ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
තවද, දීඝවාපි ස්ථූපය සහ නීලගිරි මහ සෑය ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම දීඝවාපිය රජ මහා විහාර පරිශ්‍රයේ ධාතු මන්දිරය, දාන ශාලාව සහ විශ්‍රාම ශාලාව ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමට ද අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
දීඝවාපි විහාරාධිපති පුජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා නාලිකාවේ සභාපති පුජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, ජාතික උරුමයන්, රංග කලා සහ ග්‍රාමීය කලා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල්, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහකාර මිනින්දෝරු ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පින්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ මිනින්දෝරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වුහ.