ඔක්තෝම්බර් 19, 2023
දීඝවාපි සෑ රදුන් පිළිබඳව සැකසුණු වාර්තා වැඩසටහන
ආරක්ෂක ලේකම්වරයාට ප්රදානය කරයි
දීඝවාපිය මහ සෑ රඳුන් පිළිබඳව ‘සඳ’ රූපවාහිනි ආයතනය මගින් සැකසුණු වාර්තා වැඩසටහනක් එම ආයතනයේ සභාපති නිහාල් මායාදුන්නේ මහතා විසින් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත බදාදා (ඔක් 18) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.
මෙම වාර්තා වැඩසටහන හරහා ලක්වාසීන්ට පමණක් නොව, ලොව පුරා වෙසෙන බෞද්ධ ආගමික බැතිමතුන්ට ද වැදගත් පුජනීය ස්ථානයක් වන දීඝවාපිය මහසෑ රදුන්ගේ ඉපැරණි ඉතිහාස වංශ කථාව මෙන්ම ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීමේ වත්මන් ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල දායකත්වය සහ දැවැන්ත උත්සාහය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කෙරේ.