ඔක්තෝම්බර් 02, 2023
දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” දකුණු ලක දී ප්‍රදර්ශනය තවදුරටත්
- දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය වැඳ පුදා ගැනීමට බැතිමතුන් අලුත්ගම කන්දේ විහාරයට එක් රැස් වෙයි.
දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීම සඳහා අද දින (ඔක් 02) අලුත්ගම කන්දේ විහාරයේ දී ප්‍රදර්ශණය කරනු ලබන අතර, විචිත්‍රවත් පෙරහැරකින් හෙට (ඔක් 03) වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරය වෙත වැඩම කරවීමට නියමිතව ඇත.
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා හෙට සහ අනිද්දා දෙදින (ඔක් 03, 04) තුල වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයේ ප්‍රදර්ශනය කෙරේ.
ඉන් අනතුරුව ඔක් 05 දින කහව ශ්‍රි සමරසිංහමතින්ද්රාරාමයේදීත්, ඔක් 06 දින බද්දේගම ශ්‍රී විජයවර්ධනාරාමයේදීත් මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය ප්‍රදර්ශනය කෙරෙන අතර, එම උතුම් පුජනිය වස්තුන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.