සැප්තැම්බර් 22, 2023
“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” දකුණු ලකට
- දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍ය දකුණට වැඩම කරවයි.
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චුඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” සැප්තැම්බර් 22 දින කළුතර බෝධින් වහන්සේ අභියසට වැඩම කරවන ලදි.
සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළ සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා කළුතර බෝධීන් වහන්සේ අභියස සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන් අනතුරුව කළුතර හා දකුණු ප්‍රදේශය ආවරණය කරමින් බෞද්ධ සිද්ධස්ථාන වෙත වැඩම කිරීමට නියමිතව ඇත. දකුණු ලක සැදැහැවත් ජනතාවට මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සියසින් දැක ගැනීමේ භාග්‍යය මින් උදාවනු ඇත.
විවිධ ආක්‍රමණ හමුවේ හානියට පත් ව ඇති දීඝවාපි සෑ රඳුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර මහා සෑ රදුන්ගේ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.
මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය 24 දින හොරණ විද්‍යාරතන විහාරයේදීත්, 25 වැනි දින මතුගම ශ්‍රී සුදර්ශාරාම මහා විහාරයේත්, 26 පැලවත්ත වැහිහෙන පිරිවෙනදීත්, 27 ඇල්පිටිය ගනේගොඩ රජමහා විහාර්යේදීත්, 28 වැනි දින ඌරගස්මන්හන්දිය බෝධිමළුව විහාරස්ථානයේදීත්, 29 අලුත්ගම වලේ දේවල පන්සලේ දී හා 30 වන දින අලුත්ගම කන්දේ විහාරයේදී වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කෙරෙනු ඇත.