මැයි 29, 2024
‘දීඝවාපිය භාරකාර අරමුදලට ’ මූල්‍ය පරිත්‍යාගයක්
දීඝවාපිය පුදබිමෙහි සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් දීඝවාපිය භාරකාර අරමුදල වෙත රන්ජන් වල්පොල මහතා සහ රේණුකා වල්පොල මහත්මිය රුපියල් මිලියනයක පරිත්‍යාගයක් ද ක්‍රිෂාන්ති ගුණවර්ධන මහත්මිය කැනේඩියානු ඩොලර් 1000 ක පරිත්‍යාගයක් ද දීඝවාපි අරුණ භාරයේ භාර කතෘ සහ පළමු භාරකරු ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත අද (මැයි 29) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී.
ජෙනරල් ගුණරත්නගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වූ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවල මේ වන විට බොහෝ ප්‍රගතියක් දක්නට ඇත. මේ සඳහා අරමුදල් සපයාගනු ලබන්නේ ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදල’ හරහා දානපතීන්ගේ නොමසුරු ආධාර වලිනි.
දීඝවාපිය සෑයේ පැරණි ශ්‍රී විභූතිය සිය පියවි ඇසින් දැක බලාගැනීමට, දායකවීමට කැමති අයවළුන්ට පරිත්‍යාග ලබාදීම සඳහා www.deegawapiya.lk දීඝවාපිය වෙබ් අඩවිය හරහා විස්තර ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා deegawapiyaaruna@gmail.com හෝ 011 2430860-78 ඇමතීමෙන් ලබාගත හැකිය.