ජුනි 20, 2024
‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ පොසොන් පුර පසළොස්වක පොහෝ දින අනුරාධපුර සඳහිරු සෑ රදුන් අභියස දී ප්‍රදර්ශනය කෙරේ
දීඝවාපිය මහා සෑ රදුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය, ජුනි 21 වන පොසොන් පුර පසළොස්වක පොහෝ දින අනුරාධපුර සඳහිරු සෑ පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය සඳහා වැඩම කරවීමට නියමිතය.
දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ එම සෑ රදුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මේ වනවිට අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී.
ඒ අනුව, මෙම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය, ජුනි 21 වන දින උදෑසන සිට 24 වන දින දක්වා බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අනුරාධපුර සඳහිරු සෑ පුණ්‍ය භුමියේ දී ප්‍රදර්ශනය කෙරෙන අතර, ඉන් අනතුරුව දීඝවාපිය පුදබිම වෙත වැඩම කරවීමට නියමිතය. මෙම උතුම් අවස්ථාව සියැසින් දැක වන්දනාමාන කර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත්, සැදැහැ සිතැති ලක්වාසී ජනතාවට ඉන් අවස්ථාව සැලසෙනු ඇත.