අප්‍රේල් 08, 2024
'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ත්‍රිකුණාමල පුරවරය වෙත වැඩම කරවයි
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා එම සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් බෞද්ධ ජනතාවගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” මේ වනවිට ඓතිහාසික අනුරාධපුර පුජා නගරය ආශ්‍රිතව ප්‍රදර්ශනය කරනු ලබයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සැදැහැවත් ජනතාවට වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමෙන් අනතුරුව, එළඹෙන අප්‍රේල් 11 සිට 12 වන දින උදෑසන දක්වා ත්‍රිකුණාමලය සංඝමිත්තා විහාරස්ථානයේ දී ද අප්‍රේල් 12 දවස පුරා නැගෙනහිර නාවික විධානය මූලස්ථාන පරිශ්‍රයේ දී ද අප්‍රේල් 13 සිට 15 වන දින උදෑසන දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 22 වන පාබල සේනාංක මූලස්ථානයේදී ද අප්‍රේල් 15 සිට 17 දක්වා චීන වරාය ශ්‍රී වජිරාරාමයේදී ද මෙම පුජණීය වස්තූන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.
මෙම පරම පුජනිය වස්තූන් සියැසින් දැක වන්දනාමාන කිරීමෙන් කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමටත් පින් කැමති ලක්වාසී, ප්‍රදේශවාසී සැම දෙනාටම මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.