මැයි 16, 2024
දීඝවාපිය අරමුදල වෙත දානපතිනී චන්ද්‍රා සිල්වා මැතිණියගෙන් තවත් රුපියල් මිලියන 4 ක පරිත්‍යාගයක්
දානපතිනී, චන්ද්‍රා සිල්වා මැතිණිය විසින් දීඝවාපිය මහාසෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් නැවතත් රුපියල් මිලියන 4 ක මුදල් පරිත්‍යාගයක් 'දීඝවාපිය භාරකාර අරමුදල' වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය.
අද (මැයි 16) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදි භාරකතෘ සහ පළමුවන භාරකරු 'දීඝවාපිය අරුණභාරය' වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න වෙත මෙම මුදල් පරිත්‍යාගය භාරදීම සිදුවිය.
දීඝවාපිය පුදබිමෙහි සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මිට පෙර අවස්ථා දෙකකදී රුපියල් මිලියන 6ක මුදලක් ද පරිත්‍යාග කරන ලදුව මේ වන විට එම මැතිණිය විසින් රුපියල් මිලියන 10ක සම්පුර්ණ මුල්‍ය දායකත්වයක් ලබා දී ඇත.
මෙම මහගු පුණ්‍ය කටයුත්ත සඳහා චන්ද්‍රා මැතිණිය සමඟ ජනක සිල්වා මැතිතුමා සහ මනෝජිකා ද සිල්වා මැතිණිය ද සහභාගි විය.