මාර්තු 18, 2024
'දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික අනුරාධපුර පූජා නගරයට
• දීඝවාපි සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රදර්ශනය කිරීම සඳහා පෙරහැරකින් වැඩම කෙරේ.
දීඝවාපිය මහසෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් පසුගිය වසරේ අගෝස්තු 30 කැළණිය රජමහා විහාරයෙන් ආරම්භ වූ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය තවදුරත් ක්‍රියාත්මක වේ.
ඒ අනුව මාර්තු 18 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය සහ සඳහිරු සෑ පරිශ්‍රයන්හීදි මෙම පුජණිය වස්තුන් ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
මෙම වන්දනීය ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී ඔබ සැමට මින් අවස්ථාව සැලසෙනු ඇත.