අප්‍රේල් 02, 2024
‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා' ඓතිහාසික අනුරාධපුර නගරයේ තවත් ප්‍රදේශ කිහිපයකට වැඩම කරවයි
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික අනුරාධපුර පුජා නගරය වෙත වැඩම කරවන ලදි.
මාර්තු 18 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය සහ සඳහිරු සෑ පරිශ්‍රයන්හීදි මෙම පුජණිය වස්තුන් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සැදැහැවත් ජනතාවට වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් අනුරාධපුරයේ තවත් ප්‍රදේශ කිහිපයකට මෙම පුජණිය වස්තුන් වැඩම කරවීමට කටයුතු සුදානම් කර ඇත.
ඒ අනුව, මෙම උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය අප්‍රේල් 5 හා 6 යන දිනයන්හි රැබෑව බෞද්ධ මධ්‍යස්ථානයේ දි ප්‍රදර්ශනය කෙරෙන අතර 7 හා 8 යන දිනයන් හිදී මැදවච්චිය භාරතින්ද්ර බෞද්ධ මධ්‍යස්ථානයේදී ද, 9 වන දින කැබිතිගොල්ලෑව වෙහෙරගම පුරාණ රජමහා විහාරස්ථානයේදී ද, අප්‍රේල් 10 දින හොරොව්පතාන ශ්‍රී ස්වර්ණතිලකාරාමය විහාරස්ථානයේදී ද මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.
මෙම පරම පුජනිය වස්තුන් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමටත් දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්මාදම් වීමටත් පින් කැමති ලක්වාසී, ප්‍රදේශවාසී සැම දෙනාටම මෙයින් අවස්ථාව සැලසෙනු ඇත.