මාර්තු 16, 2022
දීඝවාපිය අරමුදල වෙත තවත් පරිත්‍යාගයක්
දීඝවාපිය මහ සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා පිහිටවනු ලැබූ "දීඝවාපිය භාරකාර අරමුදල" සදහා රුපියල් මිලියන 2ක ආධාරයක්, චන්ද්‍රා ද සිල්වා මහත්මිය විසින් අද (මාර්තු 16) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ලබාදෙන ලදී.
ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පලාත් පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න, සිල්වා මහත්මිය වෙතින් මෙම පරිත්‍යාගය ලබාගන්නා ලදී.