ජනවාරී 06, 2022
‘දීඝවාපිය අරුණ’ අරමුදලට රුපියල් මිලියන 1.5 ක පරිත්‍යාගයක්
‘දීඝවාපිය අරුණ’ අරමුදල සඳහා රුපියල් මිලියන 1.5ක පරිත්‍යාගයක් මහාචාර්ය ගාමික ප්‍රතාපසිංහ මහතා විසින් අද (ජනවාරි 06) දින ලබා දෙන ලදී.
ඊට අදාල චෙක්පත, ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න වෙත අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.
මහාචාර්ය ප්‍රතාපසිංහ වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ මාණ්ඩලික නිලධාරි කමාන්ඩර් කාංචන හේරත් එක්ව සිටියහ.