ජනවාරී 12, 2022
දීඝවාපිය ධාතූන් වහන්සේ පොහොය දින පුජා භූමියට වැඩම කෙරේ
දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ කැණීම් වලදී මෑතකදී සොයාගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේ රැගත් ආගමික පෙරහැරක් 2022 ජනවාරි 17 පොහෝ දින අම්පාර දිසාපති කාර්යාලයේ සිට දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයට පැමිණීමට නියමිතය.
බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය ප්‍රචලිතය. දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා වන සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු භූමියේ ඉතිහාසය ක්‍රි.පු. 3 වන සියවස දක්වා ඈතට දිවෙන බව මහාවංශය සදහන් කරයි.
පුජනිය දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය සදහා වූ ජාතික ප්රයත්නයක අවශ්‍යතාවය, දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමුකරන ලදි.
රටේ පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන සහ ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2020 ජුනි මස 02 වන දින නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන ලද අතර ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි සභාපති ලෙස පත් කළේය.
ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් දියත් කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හේතුවෙන් මේ වන විට විශාල වැඩ කොටසක් සිදු කර ඇත.
‘දීඝවාපිය ස්ථූපය’ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්නේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුව කළමනාකරණය කරනු ලබන ‘දීඝවාපිය අරුණ භාරකාර අරමුදලට’ කරනු ලබන තැන්පතු මගිනි.