මාර්තු 25, 2022
දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ ප්‍රධානී ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් අද (මාර්තු 25) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය, සේවයේ යොදවා ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව, පුරාවිද්‍යා කැණීම් අධීක්ෂණ කටයුතු සහ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ආකර්ශනීය පරිසරයක් සැකසීම සඳහා සල් ගස් සිටුවීමේ ක්‍රියාවලිය සහ ගඩොල් නිෂ්පාදනය ඉහළ දැමීමේ මාර්ග පිළිබඳව ද ඔහුගේ අවධානය ලක් විය.
තවද, දීඝවාපිය රජ මහා විහාර පරිශ්‍රයේ දාන ශාලාව සහ ධාතු මන්දිරය ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් දෙන ලදී.
ජාතික උරුමයන්,ප්‍රාසාංග කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ගාමිණී හේවගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර , ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සිවිල් ඉංජිනේරුවන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ව්‍යාපෘති නිලධාරීන් මෙම රැස්වීමට එක්ව සිටියහ.