ඔක්තෝම්බර් 10, 2024
නව ආරක්ෂක ලේකම් දීඝවාපි ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු ලෙස කටයුතු කරයි
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමු භාරකරු “දීඝවාපිය අරුණ භාරය” ලෙස වත්මන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) 2024 සැප් 23 දින සිට රාජකාරීන් ආරම්භ කරන ලදි.
ජාතික මෙහෙවරක් වන දීඝවාපිය සෑය ප්‍රතිසංස්කරණය කිරීම් කටයුතු පෞරාණික වටිනාකම සහ ඉපැරණි ශ්‍රී විභූති ආරක්ෂා කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා ශ්‍රම දායකත්වයෙන් මේ වන විට සිදුවෙමින් පවතී.
මෙම සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අරමුදල් සපයනු ලබන්නේ “දීඝවාපිය අරුණ භාරය” භාරකාර අරමුදල වන අතර, දීඝවාපිය සෑය ඉපැරණි ශ්‍රී විභූතියෙන් දැක බලා ගැනීමට ආශාවෙන් සිටින දානපතියන් සහ බැතිමතුන් මේ සඳහා නොමසුරු දායකත්වය ලබාදෙනු ලබයි.