අගෝස්තු 15, 2025
දීඝවාපිය හා නීලගිරිය ස්තූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කෙරේ
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු වන ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි, දීඝවාපිය හා නීලගිරිය මහ සෑ රඳුන් වහන්සේලාගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විමසා බැලීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පසුගියදා (අගෝ.13 දින) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, ඊට සමගාමීව ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ සාකච්ඡාවක් අම්පාර දීඝවාපිය පුදබිමේදී පවත්වන ලදි.
ඒ අනුව, දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ සහ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ජූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, විවිධ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම දීඝවාපිය සහ නීලගිරිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති භාර නිලධාරින් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.
එහිදී දීඝවාපිය සහ නීලගිරිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු වල වත්මන් ප්‍රගතිය, පවතින ගැටළු හා එම ගැටළු වලට අවශ්‍ය පිළියම් මෙන්ම ඉදිරි සැලසුම් ආදී වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් වන කරුණු රාශියක් සාකච්ඡා කරනු ලැබීය.