ජනවාරී 22, 2026
රණවිරු ශ්‍රම දායකත්වයෙන් දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව ඉදිරියට
ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ මහා පුණ්‍යකර්මය ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් සිය ශ්‍රම දායකත්වය අඛණ්ඩව සපයනු ලබයි.
වසර ගණනාවක් පුරා ක්‍රමානුකූලව සිදුකෙරෙන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත් සැලසුමකට අනුව සිදුවන අතර, එම කටයුතු මේ වන විට ඉතා ප්රශස්ත මට්ටමක පවති. නැගෙනහිර පළාතේ විශාලතම ස්ථුපය ලෙස සැලකෙන දීඝවාපී සෑ රඳුන් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමෙන් පසු එය උස අඩි 268 යි අගල් 06 කින් සමන්විත වනු ඇත.
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගෙන් ලැබෙන මූල්‍ය පරිත්‍යාග සහ රණවිරුවන්ගේ කැපවීම මත සිදුවන මෙම ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දීඝවාපිය පුදබිම යළිත් ශ්‍රී විභූතියෙන් බැබළවීමට කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, මෙම උදාර පින්කමට දායකවීමට කැමති පින්වතුන්ට www.deegawapiya.lk වෙබ් අඩවිය හරහා හෝ deegawapiyaaruna@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ වැඩි විස්තර ලබාගත හැක. මීට අමතරව 011 2430860-78 දුරකථන අංක ඇමතීමෙන් ද, අවශ්‍ය තොරතුරු විමසිය හැක.
