අගෝස්තු 23, 2024
ලංකා පිඟන් සංස්ථාව ‘දීඝවාපිය භාරකාර අරමුදල’ සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතුවලදි අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය (පස්) සැපයීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ලංකා පිඟන් සංස්ථාවේ සභාපතිවරයා සහ ‘දීඝවාපිය භාරකාර අරමුදල’ අතර පසුගියදා (අගෝස්තු 16) අත්සන් කරන ලදි.
දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ගඩොල් නිෂ්පාදනය වෙනුවෙන් ගුණාත්මක අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අවශ්‍යතාවය සලකා බලා ලංකා පිඟන් සංස්ථාවේ සභාපති රුවන් මුණසිංහ මහතා සහ භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. පිගන් සංස්ථාව සතු එරගම භූමියෙන් මෙම අමුද්‍රව්‍ය නොමිලේ සැපයීම සඳහා මෙහිදී එකඟතාවය පලකරන ලදි.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය වන ගඩොල් නිෂ්පාදනය වෙනුවෙන් වඩාත්ම සුදුසුම පස් කියුබ් 10,000ක් සඳහා කැණීම් කටයුතු සිදුකෙරෙනු ඇත..
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද සහභාගී විය.