දීඝවාපිය යලි දැකීමේ උදාරතර ප්‍රයත්නය
පුජනිය දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය සදහා වූ ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාවය, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් අනතුරුව දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමුකරන ලදී.
රටේ පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන සහ ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ දැක්වෙන ප්‍රධාන කරුණකි.
මෙම උදාර අරමුණ මහා සංඝයා විසින් ඍජු අවධානයට යොමු කරනු ලැබුවේ මෑත අතීතයේ දී ස්තූපය අලුත්වැඩියා කිරීමට ගන්නා ලද උත්සාහයන් කිහිපයක් නිෂ්ඵල වීමේ අත්දැකීම් පදනම් කරගෙන ය.
දීඝවාපිය පුරාණ විහාරය
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය ප්‍රචලිතය. මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා වන සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු භූමියේ ඉතිහාසය ක්‍රි.පු. 3 වන සියවස දක්වා ඈතට දිවෙන බව මහාවංශය සදහන් කරයි.
මෙම මහා ස්තූපය ඉදිකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ‘නිය ධාතුන් වහන්සේ’ තැන්පත් කිරීමෙන් බව පුරාවෘත්ත සාක්ෂි දරයි.
බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩි අවස්ථාවේදී ශ්‍රී පාද කඳු මුදුනේ දවස ගත කිරීමෙන් අනතුරුව දීඝවාපිය වෙත වැඩම කල බව මහා වංශයේ සදහන් වේ.
කාවන්තිස්ස රජු දීඝවාපිය පුද බිම ආරක්ෂාකිරීම සදහා අශ්ව රථ සහිත සේනාවන් සමග තම දෙවන පුත් තිස්ස කුමරු යොදවා තිබු අතර කෘෂිකාර්මික වශයෙන් සරුසාර බිමක් වූ මෙම ප්‍රදේශයේ වගාකටයුතු සහ වාරිමාර්ග වැඩි දියුණු කිරීමේ කාර්යයද ඔහුට පවරා ඇති අතර එය එකල රටේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන තැනක් ගත් බව මහාවංශයේ සදහන් වේ.
දීඝවාපිය ස්ථූපය සහ මහා සංඝයා උදෙසා විහාරයක් පසුකාලීනව රජ වූ සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කරන ලදී.
දීඝවාපිය ස්ථුපය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය
පෙබරවාරි 19, 2026
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු වන ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි, දීඝවාපිය හා නීලගිරිය මහ සෑ රඳුන් වහන්සේලාගේ වත්මන් ප්‍රගතිය/ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පී එන් ද කොස්තා යූඑස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 13 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ජනවාරී 22, 2026
ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ මහා පුණ්‍යකර්මය ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් සිය ශ්‍රම දායකත්වය අඛණ්ඩව සපයනු ලබයි.
සැප්තැම්බර් 01, 2025
බෞද්ධ ජනතාව විසින් වන්දනාමාන කරනු ලබන සොළොස්මස්ථාන අතුරින් වැදගත් ස්ථානයක් වු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ දිවයිනේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇත.
අගෝස්තු 15, 2025
දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු වන ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි, දීඝවාපිය හා නීලගිරිය මහ සෑ රඳුන් වහන්සේලාගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විමසා බැලීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පසුගියදා (අගෝ.13 දින) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, ඊට සමගාමීව ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගති සමාලෝචනය සඳහා විශේෂ සාකච්ඡාවක් අම්පාර දීඝවාපිය පුදබිමේදී පවත්වන ලදි.
ජනවාරී 22, 2025
‘දීඝවාපි’ සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙහි වත්මන් ප්‍රගතිය/ඉදිරි සැලසුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එහි භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ජන. 21) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දීඝවාපිය ඡායාරූප එකතුව
දායකවන්න
ගිණුමේ නම: දීඝවාපිය අරුණ
ගිණුම් අංකය: 86860000
බැංකුව : ලංකා බැංකුව
ශාඛාව: තැප්‍රොබේන් ශාඛාව, කොළඹ
බැංකු කේතය: 7010
ශාඛා කේතය: 747
ශිෆ්ට් කේතය: BCEYLKLX
අප අමතන්න
ආරක්‍ෂක අමාත්‍යාංශය, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
deegawapiyaaruna@gmail.com
011 2430860-78
011 2541529