011 2430860-78 deegawapiyaaruna@gmail.com

යළි දකිමු දීඝවාපිය

‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය

දීඝවාපිය අරුණ

දීඝවාපිය යලි දැකීමේ උදාරතර ප්‍රයත්නය

පුජනිය දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය සදහා වූ ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාවය, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් අනතුරුව දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමුකරන ලදී.

රටේ පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන සහ ජාතික උරුමයන් සංරක්ෂණය කිරීම ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ දැක්වෙන ප්‍රධාන කරුණකි.

මෙම උදාර අරමුණ මහා සංඝයා විසින් ඍජු අවධානයට යොමු කරනු ලැබුවේ මෑත අතීතයේ දී ස්තූපය අලුත්වැඩියා කිරීමට ගන්නා ලද උත්සාහයන් කිහිපයක් නිෂ්ඵල වීමේ අත්දැකීම් පදනම් කරගෙන ය.


දීඝවාපිය ගැන

දීඝවාපිය පුරාණ විහාරය

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය ප්‍රචලිතය. මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා වන සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු භූමියේ ඉතිහාසය ක්‍රි.පු. 3 වන සියවස දක්වා ඈතට දිවෙන බව මහාවංශය සදහන් කරයි.

මෙම මහා ස්තූපය ඉදිකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ‘නිය ධාතුන් වහන්සේ’ තැන්පත් කිරීමෙන් බව පුරාවෘත්ත සාක්ෂි දරයි.

බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩි අවස්ථාවේදී ශ්‍රී පාද කඳු මුදුනේ දවස ගත කිරීමෙන් අනතුරුව දීඝවාපිය වෙත වැඩම කල බව මහා වංශයේ සදහන් වේ.

කාවන්තිස්ස රජු දීඝවාපිය පුද බිම ආරක්ෂාකිරීම සදහා අශ්ව රථ සහිත සේනාවන් සමග තම දෙවන පුත් තිස්ස කුමරු යොදවා තිබු අතර කෘෂිකාර්මික වශයෙන් සරුසාර බිමක් වූ මෙම ප්‍රදේශයේ වගාකටයුතු සහ වාරිමාර්ග වැඩි දියුණු කිරීමේ කාර්යයද ඔහුට පවරා ඇති අතර එය එකල රටේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන තැනක් ගත් බව මහාවංශයේ සදහන් වේ.

දීඝවාපිය ස්ථූපය සහ මහා සංඝයා උදෙසා විහාරයක් පසුකාලීනව රජ වූ සද්ධාතිස්ස රජතුමා විසින් ඉදි කරන ලදී.

පුවත් සහ ක්‍රියාකාරකම්

දීඝවාපිය ස්ථුපය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය

ගිණුම් විස්තර

දායකවන්න

විමසීම්

අප අමතන්න

ලිපිනය:

ආරක්‍ෂක අමාත්‍යාංශය, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

විමසීම්:

011 2430860-78

ෆැක්ස්:

011 2541529

පූරණය වෙමින් පවතී
ඔබගේ පණිවිඩය යොමුකරන ලදි. ස්තුතියි!